සාම සාධක හමුදා මෙරට නැහැ – ආරක්ෂක රාජ්‍ය ඇමති

(කොළඹ, ලංකාපුවත්) –සුදු පැහැති යුද හමුදා යුනිකෝන් රථ කිහිපයක ඡායාරූප උපුටා දක්වමින් ලංකාවට එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා පැමිණ මෙහෙයුම් දියත් කරන බවට සමාජජාලාවල පලවෙන පුවත් සම්පුර්ණ අසත්‍ය බව හෙළි වී තිබේ.

යුඑන් යන අකුරු දෙක භාවිතා කර ඇති ආදාළ හමුදා යුනිකෝන් රථ ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෙරට නිෂ්පාදනය කරන ලද ඒවා බවට තහවුරු වී ඇත. කිසියම් කණ්ඩායමක් සමාජයේ වැරදි මතයක් නිර්මාණය කිරිම සදහා එම රථවල ඡායාරූප සමාජ ජාලාවලට එක්කර තිබුණේ එම රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ඒවා බවත් ඒවා ලංකාවේ මෙහෙයුම් දියත් කරන බවත් සඳහන් කරමින්ය.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අදාළ ට්‍රක් රථ මාලි දේශයේ ආරක්ෂාව සදහා රදවා තිබෙන ශ්‍රී ලාංකිය හමුදා නිලධාරින් වෙනුවෙන් ලංකාවේ නිෂ්පාදනය වූවක් බවයි. එක්සත් ජාතින්ගේ හමුදාවක් ලංකාවේ නොමැති බවද එම ට්විටර් පණිවිඩයෙන් පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *