නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මගින් ක්‍රියාත්මක‍‍ නව තොරතුරු තාක්ෂණ ව්‍යවසායකයින් දිරිගැන්වීමේ ස්පයිරලේෂන් (Spiralation ) වැඩසටහන යටතේ නව ව්‍යවසායකයින් 50කට අධික පිරිසක් සවිබල ගැන්විමට හැකිවී ඇත.

මෙම ව්‍යවසායකයින් මේ වන විටත් ජාත්‍යන්තර සහ ජාතික මට්ටමින් සිය ව්‍යාපාර සාර්ථකව පවත්වාගෙන යන බවද තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උපාධිධාරීන් තුන්සියයකට අධික ගණනකට රැකියා උත්පාදනය කිරීමටද එමගින් හැකිවී ඇතැයිද නියෝජිතායතනයේ වැඩසටහන් කළමණාකරු සචින්ද සමරරත්න මහතා සදහන් කරයි.

පාසැල් සහ උපකාරක පන්ති සදහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ස්මාට් හැදුනුම්පතක් නිර්මාණය කළ නව තොරතුරු තාක්ෂණ ව්‍යසායකයෙක්ද මේ අතර වේ.

පාසල් සහ උපකාරක පන්ති වෙත නිවෙස් වලින් පැමිණෙන ශිෂ්‍ය ප්‍රජාව නිසැක ලෙසම පාසලට හෝ උපකාරක පන්තියට පැමිණ තිබේද එසේම පන්ති ගාස්තු ගෙවීම ආදී කටයුතු මෙම ස්මාට් හැදුනුම්පත මගින් විධිමත් ලෙස කළමානාකරණය කර ගැනීමට හැකිවේ.

ඩබ්ලිව්.එස්.ටී.ආයතනය (WST System) විසින් මෙම තොරතුරු තාක්ෂණ යෙදවුම දිවයිනේ දිස්ත්‍රික්ක දහයක ශිෂ්‍ය ප්‍රජාව ලක්ෂයක් පමණ දෙනා ඉතා සාර්ථකව භාවිතා කරයි.

මෙරට ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ග්‍රාමීය බැංකු සමුපකාර බැංකු ආදී ආයතන වල සේවාවන් වඩාත් කාර්යක්ෂම සහ පලදායී ලෙස කළමණාකරණය කිරීම සදහා මෙම ස්පයිරලේෂණ් වැඩසටහන යටතේ නැනෝසොෆ්ට් ආයතනය මගින්ද තොරතුරු තාක්ෂණ යෙදවුමක් සකස් කර තිබේ.

එය මේ වන විට දිවයිනේ බැංකු හැත්තෑ පහක පමණ ඉතා සාර්ථකව එය ක්‍රියාත්මක වන බවද නියෝජිතායතනය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *