මංතීරුවේ යන්න පුරුදු වෙන්න සති දෙකක්

(කොළඹ, ලංකාපුවත්) –මංතීරු නීතියට අනුගත වීම සඳහා අද (27) සිට සති දෙකක කාලයක් ලබා දීමට පොලිස් මුලස්ථානය කටයුතුකර ගෙන තිබේ.

සියලු නගරයන්හි වාහන මංතීරු නීති නිසි ලෙස අනුගමනය කිරීම සඳහා සති දෙකක සහන කාලයක් ලබා දෙන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මාර්ග තදබදය අවම කිරීම හා රථවාහන වැරදි අවම කිරීම මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණයි. ප්‍රධාන නගර කිහිපයක පසුගිය කාලසීමේ දී අත්හදා බැලීමක් ලෙස සිදු කළ මංතීරු නීතිය අද සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කළ බව ඊයේ පැවති මාධ්‍ය හමුවක දී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේය. මංතීරු නීතිය ක්‍රියාත්මක කළ සමය තුළ රිය අනතුරුවල හා වාහන තදබදයේ අඩුවක් දක්නට ලැබුණු බවට නිරීක්ෂණය වූ බවත් ඔහු පවසයි.

අද සිට ක්‍රියාත්මක වන සහන කාලය අවසන් වූ පසු මංතීරු නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය අවධානය යොමුකර තිබේ. ඒ සඳහා සිවිල් ඇඳුමින් සැරසුන පොලිස් නිලධාරීන් හා වීඩියෝ තාක්ෂණය මගින් වැරදිකරනු ලබන රියදුරන් සම්බන්ධයෙන් තොරතුරු රැස් කරන බවයි, පොලීසිය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *