පොලීසියේ 4000කට ළඟදීම උසස්වීම්

(කොළඹ, ලංකාපුවත්) –වසර ගණන් උසස්වීම් නොලැබ සිටින පොලීසියේ හාරදහසකට වැඩි පිරිසකට ළඟදීම උසස්වීම් ලබාදීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා පොලීසියේ නියමිත කාලයට උසස්වීම් නොලැබ සිටින සෑම නිලධාරියකුම සොයා ඔවුන්ට උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලෙසට මීට පෙර දුන් උපදෙස් මත, මේතරම් විශාල පිරිසකට එකවර උසස්වීම් හිමි වන ප්‍රථම අවස්ථාව වේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් පරෙීක්ෂක තනතුරින් පහළ සිටින පිරිසෙන් මෙම හාරදහසකට වැඩි පිරිස සමන්විත වෙයි. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රි ලංකා පොලීසියේ යෝජනාවෙන් සැකසූ මෙම උසස්වීම් වාර්තාව පසුගිය සතියේ ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කෙරිණි. ඒ අනුව ජාතික පොලිස් කොමිසමේ නිර්දේශය මඟ පෙන්වීම මත මෙම උසස්වීම් සියල්ල ඉතා කෙටි කාලයකින් ලබාදීමට නියමිතය.

පොලිස් කොමිසම මෙම සතියේ රැස්වූ විට එම උසස්වීම් සමබන්ධව සාකච්ඡා කිරීමට නියමිත අතර, කොමිසමේ නිර්දේශ මත ක්‍රියාත්මක වෙයි.

ශ්‍රි ලංකා පොලීසියේ විව්ධ කාලවල දී උසස්වීම් ලැබුණ ද තවමත් එකම තනතුරේ වසර විසි ගණන් සිටින අයද, වසර දහයක පමණ කාලයක් ගත කරන අය ද සිටිති. මේ පිරිසට මෙතෙක් කාලයක් උසස්වීම් නොලැබීමට හේතු සොයා බලා සියලු දෙනාටම උසස්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා දුන් උපදෙස් මත මෙය ක්‍රියාත්මක වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *