වෛද්‍ය සාෆි ගැන සොයන කමිටුව කුරුණෑගල යයි

(කොළඹ, ලංකාපුවත්) –කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට 6 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ. සිද්ධියෙන් සම්බන්ධයෙන් කඩිනමින් සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මේ අනූව, පරීක්ෂණ කමිටුව මේ වන විට කුරුණෑගල රෝහල වෙත පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ද්‍යෛ සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවේ. ප්‍රකාශ කල නොහැකි අන්දමේ වත්කම් ඉපයීමේ චෝදනා යටතේයි, ඔහු පසුගිය 24වනදා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම වෛද්‍යවරයාට එරෙහි වෙනත් චෝදනා ගණනාවක් ද ඉදිරිපත්වි ඇති බව කුරුණැගල රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත්වීර බණ්ඩාර මහතා පවසයි. කාන්තාවන්ට වඳ සැත්කම් සිදුකළ බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත දැනට පැමිණිලි 27ක් ලැබී තිබේ.

එම වෛද්‍යවරයාගෙන් සිදුකරගත් සිසේරියන් සැත්කම පිලිබඳ සැකයක් පවතින්නේ නම්, පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල මහ රෝහලේ වෙනම කාර්යාලයක් පිහිටුවා තිබේ. වඳ සැත්කම් සිදුකල බවට එල්ලවි ඇති චෝදනා සම්බන්ධයෙන් සෙයිගු සියාබ්දින් මොහොමඩ් සාෆිට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි, කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂ සරත්වීර බණ්ඩාර මහතා පවසන්නේ.

“මෙම වෛද්‍යවරයා සිසේරියන් සැත්කම් 8000ක් පමණ සිදුකරපු බවට පිළි අරන් තියෙනවා. ඒ වගේම ඒ සැත්කම් වලින් 4000ක් විතර ඔහු වඳ සැත්කම් කලා කියලා චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකරනවා. ඊට අමතරව මේ වෛද්‍යවරයා කුරුණෑගල රෝහලේදි අලුත උපන් දරුවෙක්ව වෙනත් පවුලකට ලබාදිලා තියෙනවා. ඒ දරුවා බිහිකරපු මවගේ කැමත්ත මත. හැබැයි එහෙම කරලා තියෙන්නේ දරුවගේ නම වෙනස් කරලා. අපි ඒ ගැන විමර්ශනයක් සිදුකලා. ඒ වාර්තාව මේ වෙන කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරලා තියෙන්නෙ” කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා සදහන් කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *