මෝදි දිවුරුම් දීමට රාෂ්ඨපති භවන් සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – නරේන්ද්‍ර මෝදී දෙවැනි වාරය සඳහා අග්‍රමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උත්සවය හෙට (30) දිනයේ රාෂ්ඨපති භවන් හි දී පැවැත්වේ.

ඒ සඳහා ඉන්දියාවේ මෙන්ම ගෝලීය ප්‍රභූන් රැසක් සහභාගි වීමට නියමිතය. ඉන්දීය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ බිම්ස්ටෙක් සාමාජික රටවල රාජ්‍ය නායකයින් ද මේ අවස්ථාවට සහභාගි වන ලෙස ආරාධනා කර ඇති බවයි. ඊට අමතරව රජිනිකාන්ත් සහ කමල් හසන් ආදී ඉන්දීය සිනමා තරු මෙන්ම බොලිවුඩ් තරු ද මේ අවස්ථාවට ආරාධනා ලැබ තිබේ.

මේ අතර මෝදි හා භාරතීය ජනතා පක්ෂ සභාපති අමිත් ෂා අතර පැය පහක පමණ සාකච්ඡාවක් පැවැති බව එරට මාධ්‍ය වාර්තා කරයි. මෙහි දී අවධානය යොමු කර ඇත්තේ නව කැබිනට් මණ්ඩලය පත් කිරීම බව සඳහන්ය. ප්‍රධාන අමාත්‍ය ධුර වල වෙනසක් සිදු කිරීම‍ සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇත. එහෙත් අනෙකුත් අමාත්‍යධුර වල වෙනසක් සිදු නොවනු ඇති බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව රට තුළ සිදු කළ යුතු ප්‍රධාන වෙනස් කම් පිළිබඳව අවධානය යොමු කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *