2019 ක්‍රිකට් ලෝක කුසලානය නිල වශයෙන් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) – 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ සමාරම්භක උලෙළ ඊයේ(29) ලන්ඩන් මෝල් හීදී පැවැත්වුනි. ඒ සමගම ක්‍රිකට් ලෝක කුසලානය නිළ වශයෙන් ආරම්භ විය.

හිරු නොබසින අධිරාජ්‍යයේ අභිමානයක් ලෙසින්ද සංචාරකයන්ගේ ආකර්ශනය දිනූ ස්ථානයක් ලෙසද සැලකෙන බකිංහෑම් මාළිගය පසුබිම් කරගනිමින් සංවිධානය කරනු ලැබූ අභිමානවත් සමාරම්භක උලෙළත් සමඟින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඊයේ නිල වශයෙන් ආරම්භ කළ බව ප්‍රකාශ කළේය.

සිව් වසරකට වරක් සංවිධානය කෙරෙන, අඛණ්ඩව 12 වැනි වතාවට සංවිධානය කරනු ලබන අයි.සී.සී. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ ආකාරයෙන් ආරම්භ කෙරිණි. තෝරාගත් ආරාධිතයන්ගේ සහභාගිත්වය ඇතිව මෙම සමාරම්භක උත්සවය සංවිධානය කර තිබුණේය.

එම සමාරම්භක උත්සවය ලොව පුරා රූපවාහිනී හා වෙබ් අඩවි ඔස්සේද විකාශය කරනු ලැබිණි. එංගලන්තයට සන්ධ්‍යා කාලය උදාවීමට සමගාමීව මෙම සමාරම්භක උත්සවය සංවිධානය කර තිබුණේය.

එම සමාරම්භක උත්සවය සජීවී සංගීතයෙන් වර්ණවත්ව තිබූ අතර ක්‍රීඩා මෙන්ම විනෝදාස්වාදය උපදවන අංගයන්ගෙන් ද සමලංකෘත විය.

තරගාවලියේ තරග පැවැත්වෙන පළමු දිනය අද(30) වේ.

ප්‍රථම තරගය ලෙස සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය ලන්ඩන් හිදී අද පස්වරුවේ ආරම්භවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *