විදේශ ගත ශ්‍රමිකයින්ගේ ගැටළු සදහා ඇමති හරින් ඝෘජුව මැදිහත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියා සදහා ගොස් සේවා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සහනයක් අපේක්ෂා කළ ශ්‍රමිකයින් පිරිසකගේ ගැටළු පිළිබදව සොයා බැලීම සදහා විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඝෘජුව මැදිහත් වී තිබේ.

මෙම ශ්‍රමිකයින් කුවේට්හි සේවය සදහා ගිය පසු, තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි නිසි වැටුප් හා පොරොන්දු වූ පරිදි සේවා වරප්‍රසාද නොලැබෙන බව සදහන් කරමින් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.

මේ පිළිබදව විදේශ රැකියා අමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී තිබූ අතර, ඔහු විසින් මෙම ශ්‍රමිකයින් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් තොරතුරු සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සදහා තානාපති කාර්යාල නිළධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ශ්‍රමිකයින්ගෙන් සිව් දෙනෙකු 2019.05.18 වන දින දිවයිනට පැමිණි අතර, අනෙක් ශ්‍රමිකයින් 35 දෙනාද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට තානාපති කාර්යාල නිළධාරීන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

මෙම ශ්‍රමිකයින් හට අවශ්‍ය කඩිනම් පහසුකම් සැලසීමට අවස්ථාව හිමි වූයේ ඔවුන් සියළු දෙනා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිසි පරිදි ලියාපදිංචිය ලබා විදේශ ගතවීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *