ඉන්දු-ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට සූදානම්- නව ඉන්දීය විදේශ ඇමති

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමඟ සබඳතා ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ගවලට සහයෝගය පළකරන බව ඉන්දියාවේ නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්යා එස්. ජායිශන්කර් මහතා සහතික වෙයි.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා යොමු කළ සුබ පැතුම් පණිවිඩයකට ප්‍රතිචාර දක්වමින් මේ බව සදහන් කර ඇත.

මංගල සමරවීර අමාත්‍යවරයා, ට්විටර් පණිවුඩයක් තබමින් සුබ පැතුම් එක් කර තිබුනි. එමගින් මංගල සමරවීර ඇමතිවරයා පවසා තිබුනේ, තවත් නොසැලෙන මිත්‍රයෙකු ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්ව ඇති බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය නව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්යා එස්. ජායිශන්කර් මහතා පවසා ඇත්තේ සහයෝගීතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාමාර්ග සදහා ඉන්දියාව සූදානමින් සිටින බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *