කාදිනල් හිමියන්පාණන් රතන හිමියන් බැහැ දකියි

(කොළඹ, ලංකාපුවත්) –උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද (03) පෙරවරුවේ දළදා මාලිගා පරිශ්‍රයට පැමිණියේය.

මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස උපවාසයේ නිරත සිටින්නේ සිව් වැනි දිනටය.

මෙහිදී කාදිනල් හිමියන් කියා සිටියේ “ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය.. බිය…ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න.. ඒකට අනුබල දීලා.. ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී මෙම ප්‍රහාරයට වක්‍රව සහභාගී වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නෑ. ඒ නිසා මේ පිටුපස ඉන්න අය ගැන ඉතාමත් විශේෂ ආකාරයෙන් සෙවිය යුතුයි කියලා මා විශ්වාස කරනවා.” යනුවෙනි.

මේ වන විට රතන හිමියන් ජලය පානය කිරීමද නවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *