ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් රාජධානියේ සංචාරයක නිරතවීමට නියමිතය.

අමෙරිකා ජනාධිපතිවරයා දින තුනක සංචාරයක් සදහා බ්‍රිතාන්‍යයේ සංචාරයකට එක්වනු ඇත. ඒ සදහා මෙලානියා ට්‍රම්ප් ද එක්වනු ඇතැයි වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්ටැන්ස්ටන්ඩ් ගුවන් තොටුපලට අමෙරිකා ජනාධිපතිවරයා පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එලිසබත් රැජින බකින්හැම් මාලිගයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් වෙනුවෙන් රාත්‍රී රාජ්‍ය බෝජන සංග්‍රහයක් ද සූදානම් කිරීමට නියමිතය.

මෙම සංචාරයේ දී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම හෙවත් බ්‍රෙක්සිට් ගිවිසුම සහ එරට අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක්කෙරෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *