පැරදුනේ පිතිකරුවන්ගේ වරදින් – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කියයි

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවන්ගේ වරදින් පළමු තරගයේ පරාජය උරුම වු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයමේ නායක දිමුත් කරුණාරත්න පවසයි.

ඔහු පවසන පරිදි තණතීරුවේ තණකොළ තිබ්බත් නවසීලන්තය එක් කඩුල්ලක් හෝ නැතිව තරගය ජය ගත් ආකාරයෙන් පන්දුවට පහරදීම අපහසු නොවන බව පිළිබිඹු වූ බව තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.

‘‘මම හිතන්නෙ කඩුල්ලේ තණකොළ ගොඩක් තිබ්බා. නවසීලන්තය කියන්නෙ ගොඩක් හොඳ පන්දු යවන්නන් ඉන්න කණ්ඩායමක්. අපි පස්සෙ කකුලට යන්නෙ නැතිව හිටියනම් තමයි හොඳ. කුසල් පෙරේරා අපි දැක්කා හොඳට පන්දුවට පහර දෙනවා. පස්සෙ කකුලට ගියාහම පිතිකරුවන්ට තමන්ට පුළුවන් දේ කරගන්න අමාරුයි. මම හිතන්නෙ තණතීරුවේ තත්ත්වයට වැඩිය මෙතන බලපෑවේ මානසිකත්වය කියලා.’’

මානසිකත්වයේ ගැටලූව කණ්ඩායමේ තවමත් විසඳී නැති බව ශ‍්‍රී ලංකා නායකයා පවසයි. එමෙන් පිතිකරුවන් අමාරු වෙලාවේ ඉවසගෙන නොසීටීම සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *