“රට වෙනුවෙන් එකට සිටිමු” මුලතිව් සංවර්ධන වැඩසටහන අද

(කොළඹ, ලංකාපුවත්) –රට වෙනුවෙන් එක සිටිමු ජාතික සංවර්ධන වැඩසටහනේ මුලතිව් දිස්ත්‍රික් වැඩසටහන අද(03) ආරම්භ වේ.

එය ක්‍රියාවට නැංවෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුවය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් වැඩසටහන ක්‍රියාවට නැංවේ. ඒ අනුව, ජාතික සංවර්ධන වැඩසටහන ඇතුළු අමාත්‍යාංශ මට්ටමින් ක්‍රියාවට නංවා තිබෙන සංවර්ධන ව්‍යාපෘති වඩාත් වේගවත් හා විධිමත් කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබා දීම මෙහි අරමුණ වේ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20ම ආවරණය වන පරිදි ව්‍යාපෘති රැසක් මේ යටතේ ක්‍රියාත්මක කෙරේ.

ග්‍රාමීය ජනතාවගේ ගැටලු සහ ඒවා විසඳීම සඳහා වඩාත් උචිත ක්‍රියාමාර්ග, සියලු අමාත්‍යාංශ සහ ආයතන ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියාවට නැංවීම රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන මගින් සිදුවේ.
වැඩසටහන අවසන් වන්නේ ලබන 08 වැනිදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *