විල්පත්තුවට යලි පණදෙන සොබාදම් ක්‍රියාන්විතයට ‘රිස්ට්බරි‘

(කොළඹ, ලංකාපුවත්) – කාලාන්තරයක් තිස්සේ විල්පත්තු වන සම්පතට සහ එහි ජීවත් වුනු වන සතුන්ට සිදුවූ හානිය ඛේදනීය ගැටළුවක් වූ නමුත් ඒ සඳහා පිළියම් යෙදීමට අවශ්‍ය පියවර ගැනීමට අපි සැවොම අපොහොසත් වුනු බව නොරහසකි.

මෙමඅභියෝගාත්මක ජාතික වගකීමට උරදෙන්නට ශ්‍රී ලංකා යුදහමුදාව නිර්භීතව ඉදිරිපත්වී ඇත. මේ සඳහා ශ්‍රමය කැපකිරීම මෙන්ම දිගුකාලීනව මෙම තුරුලතා රැකගැනීම දුෂ්කර කාර්යයකි.
මේ අවස්ථාවේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන දේශීය සමාගමක් ලෙසත්, රටේ ජාතික අවශ්‍යතාවන්ට උරදෙමින් නිරතුරුව සමාජ සත්කාරක වැඩසටහන් දියත් කරන සන්නාමයක් ලෙසත්, ”රිට්ස්බරි” විල්පත්තුවට යලි පණදෙන ක්‍රියාන්විතයේ මුල්‍යමය දායකත්වය ලබාදීමට පුර්ණ අනුග්‍රාහකයා ලෙස ඉදිරිපත්විය.

ඒ අනුව සිය ජාතික සමාජ සත්කාරක සේවාවේතවත් එක් කැපීපෙනෙන සත්කාරයක් ලෙස විල්පත්තුව යලි නගාසිටුවීම සඳහා රිට්ස්බරි දිගුකාලීනව තම පුර්ණ අනුග්‍රහකත්වය සපයයි.

මෙම වැඩපිළිවෙලේ “රිට්ස්බරි සමඟ තුරුලිය වෙනුවෙන් අපි”දෙවන අදියර පසුගිය 18 වෙනිදා යුදහමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට පාසල්ළමුන් 2000ට අධික පිරිස සහභාගීවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *