පාස්කු ප්‍රහාරයෙන් පසු 2,289ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් පසුව කළ මෙහෙයුම්වලදී පුද්ගලයන් 2,289ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

ත්‍රස්තවාදී ක්‍රියා සහ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම් ආදී චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.

ඒ අනුව පුද්ගලයන් 423 දෙනකු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර තවත් පුද්ලයන් 211 දෙනකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පුද්ගලයන් 1655 දෙනකු ඇප මත මුදා හැර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − fourteen =