බ්‍රිතාන්‍ය සංචාරයේ ගිය ට්‍රම්ප්ට විරෝධයක්

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යයේ ප්‍රධාන නගර කිහිපයක අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාරයට විරෝධය දක්වමින් උද්ඝෝෂණ සංවිධාන කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් කුඩා දරුවෙකු ලෙස දැක්වෙන බැලුනයක් ලන්ඩන් පාර්ලිමේන්තුවට ඉහළ ගුවනේ දක්නට ලැබිණ. තවත් උද්ඝෝෂණයක් උද්ඝෝෂණයක් ට්‍රැෆල්ගා චතුරශ්‍රයේ පැවැත් වේ. කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ලන්ඩන් නගරයේ පැවැත්වෙන එම විරෝධතා රැළිය ඇමතීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ට්‍රම්ප් විරෝධී රැළිය පැවැත්වෙන ස්ථානය සැණකෙළි ස්වරුපයක් ගෙන ඇති අතර එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තර කර තිබිණ. ට්‍රම්ප් තෙදින චාරිකාවක් සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියේ පසුගිය සදුදායි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *