නිරිතදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන්, දිවයිනේ (විශේෂයෙන් නිරිතදිග කොටසේ) වැසි හා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ඇතැම් ස්ථාන වලට විශේෂයෙන් දකුණු සහ සබරගමු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *