තෙරේසා මේ ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් ඉවත් වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ අද (07) ටෝරි මන්ති‍්‍ර මණ්ඩල නායකත්වයෙන් නිල වශයෙන් ඉවත් වන බව එරට වාර්තා සදහන් කරයි.

එහෙත් නව අග‍්‍රාමාත්‍යවරයෙකු පත්වන තෙක් ඇය අග‍්‍රාමාත්‍ය ධුරයේ තවදුරටත් කටයුතු කරන බවයි බී බී සී ප‍්‍රවෘත්ති වාර්තා සදහන් කර ඇත.

මීට සති දෙකකට පෙර තෙරේසා මේ සිය ඉල්ලා අස්විම ප‍්‍රකාශයට පත්කළේය. බෙ‍්‍රක්සිට් ගිවිසුම සාර්ථක කර ගැනිමට නොහැකි වීම ඊට හේතුව වේ. මේ වන විට කන්සවේටිව් පක්ෂ මන්ති‍්‍රවරුන් 11 දෙනෙකු පක්ෂ නායකත්වයට මෙන්ම අග‍්‍රාමාත්‍ය තරඟයට ද ඉදිරිපත්ව සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *