නුවන් ප්‍රදීප්ට, ලෝක කුසලාන ඉදිරි තරඟය අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) –බංග්ලාදේශ් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව හෙට (ජුනි 11) දිනයේදී පැවැත්වීමට නියමිත තරඟයට වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් සහභාගී නොවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ඒ පුහුණුවීම් අතරතුර ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.

නුවන් ප්‍රදීප් පන්දු යැවීම සඳහා යොදා ගන්නා අතේ සුලැඟිල්ල ඊයේ (ජුනි 09) බ්‍රිස්ටල් ක්‍රීඩාංගනයේ පැවති පුහුණුවීම් අතරවාරයේ ආබාධයට ලක් වූ අතර එහි කැපුමක් සිදුව ඇත.

අනතුරුව ඔහු රෝහල් ගත කර තිබේ.

එහිදී වෛද්‍යවරුන් විසින් ආබාධයට ලක් වූ ඇඟිල්ලට මැහුම් දමා ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඔහුගේ තුවාල සුව අතට පත්වීම සඳහා සතියක පමණ කාලයක් අවශ්‍ය වනු ඇති බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය හෙට ‘බ්‍රිස්ටල් කන්ට්‍රි ග්‍රව්න්ඩ්’ ක්‍රීඩාංගනයෙහි ආරම්භ වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *