(කොළඹ, ලංකාපුවත්) – රජයේ සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේදී සිදු කෙරෙන මුල්‍ය ගෙවීම් පහසුකම් තව දුරටත් පුළුල් කෙරේ.
ඒ අනුව පුරවැසියන්ට තම ජංගම හා ඉතුරුම් ගිනුම් භාවිතා කරමින් රජයේ සේවාවන් සඳහා වන ගෙවීම් සදහා මාර්ගගතව හෙවත් ඔන්ලයින් සිදුකිරීමට පහසුකම් සැලසෙනු ඇත.
මේ සදහා වන ගිවිසුමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම පසුගියදා අත්සන් තැබූ හ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ජාතික ඩිජිටල් පරිවර්තන නියෝජිතායතනයයි. ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ මගපෙන්වීම යටතේ පවත්වාගෙන යනු ලබන ලංකාපේ ජාතික ගෙවුම් ජාලයේ මෙහෙයුම්කරුවා ය.
ජාතික ගෙවුම් වේදිකාව සම්බන්ධ සියලු ගැටලු විසඳීමට ඉවහල් වන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ගෙවීම් සම්බන්ධයෙන් වන ඉතා වැදගත් පියවරක් වශයෙන් සැලකේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරි දමිත් හෙට්ටිහේවා සහ ලංකා ක්ලියර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි චන්න ද සිල්වා යන මහත්වරු තම ආයතන වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තැබූ හ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා සහ ශ්‍රී ලංකා බැංකු සංගමයේ මහලේකම් සහ ලංකා ක්ලියර් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රවී ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට සහභාගි වූ හ.
මෙම ගිවිසුම සහ මෙම නව මුලපිරුම ඔස්සේ අනාගත ඔන්ලයින් ගෙවීම් සඳහා පහසුකම් සැලසීමේ ඉදිරි පියවර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර තිබේ.
මෙය මහජන පහසුව පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස හඳුන්වා දෙමින් ඩිජිටල් යටිතල පහසුකම් සහ තොරතුරු තාක්ෂණ ඇමති අජිත් පී. පෙරේරා මහතා ගිවිසුම අත්සන් කිරීම අගය කළේ ය.
රාජ්‍ය සේවා සඳහා තනි පුද්ගල බැංකු ගිනුම්වලින් ගෙවීම් කිරීමේ ක්‍රමයක් නිර්මාණය කිරීම මගින් ඩිජිටල් ගෙවුම් පරාසය පුළුල් කරනු ඇති බව පැවසූ ඇමතිවරයා ශ්‍රී ලංකාව ඩිජිටල් පැත්තෙන් උසස් හා බලගන්වන ලද රටක් බවට පත් කිරීමට මෙම මුලපිරුම කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස අදාළ ආයතන දෙකෙන් ඉල්ලා සිටියේ ය.
ඇතැම් ඉ-රාජ්‍ය සේවාවන්ට දැනටත් ලංකා රාජ්‍ය ගෙවුම් සේවාව (LGPS) ඔස්සේ ක්‍රෙඩිට් කාඩ් මගින් ඔන්ලයින් ගෙවීම් කිරීමේ සේවාව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පහසු කාරකත්වයෙන් සැපයේ.
මිලියන 1.5ක් ජනතාව අන්තර්ජාලය ඔස්සේ රාජ්‍ය සේවා භාවිතා කරති. එහෙත්, බදු ගෙවීම්, වාහන ආදායම් බලපත්‍ර සහ ඉ- ටිකට්පත් මිළ දී ගැනීම් වැනි සේවාවන් තිබියදීත් ඒවා අඩුවෙන් භාවිතා වන්නට හේතුව ජංගම හා ඉතිරිකිරීමේ ගිනුම් හරහා ගෙවීම් කිරීමට පහසුකම් නොමැතිවීම බව මෑතකදී ලර්න් ඒෂියා (LIRNEasia) ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් දියත් කරනු ලබන මෙම මුලපිරුම නිසා රටේ ජනගහනයෙන් බහුතරයකට බාධාවකින් තොරව රාජ්‍ය සේවාවන් අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමේ හැකියාව ලැබේ.
ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම ජාතික ගෙවුම් ජාලය මෙහෙයවයි. ලියාපදිංචි වානිජ බැංකු සහ ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් බලයලත් සහ නියාමනය කරනු ලබන වෙනත් ආයතනවලට අන්තර් බැංකු ගනුදෙනු සඳහා අවශ්‍ය මූලික සේවා සපයන්නේ මෙම ආයතනය විසිනි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කරන ලද ලංකාපේ ජාතික ඔන්ලයින් ගෙවුම් ජාලය දැනට පුද්ගලයන්ට සහ ව්‍යවසායවලට තම ජංගම හා ඉතිරි කිරීමේ ගිනුම් හරහා එම ජාලය සමග සම්බන්ධ ආයතනවලට ක්ෂණික ගෙවීම් කිරීම සඳහා පහසුකම් සපයයි.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් පනවා තිබෙන රෙගුලාසිවලට යටත්ව රාජ්‍ය සේවාවන්ට සෑම ආකාරයක ම ගෙවීම් කිරීමේ පහසුව පුද්ගලයන්ට සහ ව්‍යවසායවලට ලබාදීම සඳහාත් ඩිජිටල් ගෙවුම් අනාගතයේ ප්‍රවර්ධනය කිරීමේ ජාතික ව්‍යායාමයක් ලෙසත් මෙම මුලපිරුම නුදුරු අනාගතයේදී දියත් කෙරෙනු ඇත.