IS සබඳතා පවත්වන ලාංකිකයන් 05ක් ගැන ඉන්දියාවෙන් තොරතුරු

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දියාව විසින් අයි.එස් සංවිධානය සමග සබඳතා පවත්වන ලාංකිකයන් පස්දෙනෙකුගේ දුරකථන අංක ශ්‍රී ලංකාවට ලබාදී ඇති බව ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර ඇත.

ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙකුගේ ඥාතීන් සමග සබඳතා පැවැත්වූ ඉන්දියානුවන් පිරිසකගේ දුරකථන ඇමතුම් විස්තරද ඉන්දීය ජාතික විමර්ශන කාර්යංශය (NIA) විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇතැයි වාර්තා වේ.

අයි.එස් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන ඉන්දියානුවන් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධදැයි සෙවීමට එරට විශේෂ විමර්ශන කණ්ඩායමක් පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර ඇත්තේ තවත් තොරතුරු රැසක් ඉන්දියාව විසින් ශ්‍රී ලංකා බළධාරීන්ට යොමු කර ඇති බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ඉන්දීය ජාතික විමර්ශන කාර්යංශ නිලධාරීන් විසින් කේරල ප්‍රාන්තයේ දී රියාස් අබුබකර් නැමැති තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්ණ කිරීම් හමුවේ පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොළකරුවන සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ බවය. එසේම කේරළ ප්‍රාන්තයේ ද එවැනි මරාගෙන මැරෙන ප්‍රහාරක් සැළසුම් කර තිබූ බව පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *