පකිස්තාන හිටපු ජනපති අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –පකිස්තානයේ හිටපු ජනාධිපති අෂීෆ් අලි සර්දාරි, අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවය.

හිටපු ජනාධිපති සර්දාරි හා ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ඇප ඉල්ලීම ඉලාමාබාද් මහා අධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කර තිබුනි. අනතුරුව හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. අයථා ලෙස උපයා ගත් මුදල් ව්‍යාජ ගිණුම්වල සඟවා තැබීම සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අෂිෆ් අලි සර්දාරි, මීට පෙර ද සිරගත කෙරිණ.

2008 වසරේ සිට 2013 දක්වා පකිස්තානයේ ජනාධිපතිවරයා ලෙස ඔහු ක්‍රියා කළේය.එම කාලය තුල දූෂණ රැසක් සිදුකර ඇති බවට චෝදනා එල්ලවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *