මහනුවර ඇසළ මහා පෙරහැර අගෝස්තු මස 05 වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – 2019 මහනුවර ඇසළ මහා පෙරහැර ලබන අගෝස්තු මස 02 වන දින සිව් මහාදේවලයන්හි කප් සිටිවිමෙන් පසු ආරම්භ කෙරෙන බව දියවඩන නිලමේ තැන්පත් නිළංග දෑල මහතා පවසයි.

එදින සිට පුරා දින තුනක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර 05ක් පැවැත්වෙනු ඇත.

ඉන් පසු පළමු කුඹල් පෙරහැර අගෝස්තු මස 05 වනදි විථි සංචාරය කිරිමට නියමිත අතර කුඹල් පෙරහැර අගෝස්තු මස 09 වනදා දක්වා පැවැත්වේ.

පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 10 වන දින විථි සංචාරය කිරිමට නියමිතය.

දින 05ක් පුරා පැවැත්වෙන රන්දෝලි පෙරහැර අගෝස්තු මස 14 වන දින අවසන් විමට නියමිතයි.

අගෝස්තු මස 15 වන දිනට යෙදෙන සුබ මොහොතින් දියකැපිමේ චාරිත්‍රයෙන් පසු 2019 ඇසල පෙරහැර මංගල්‍ය අවසන් වන බව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *