ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සංචාරකයන්ට

(කොළඹ, ලංකාපුවත්) – ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2020 වසරේ සිට සංචාරකයන්ට විවෘත කිරීමට නාසා ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව සංචාර සහ වෙනත් ව්‍යාපාර සඳහා අභ්‍යවකාශ මධ්‍යස්ථානය විවෘත කරන බව නාසා ආයතනය නිවේදනය කර ඇත.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ රොබින් ගේටන්ස් ප්‍රකාශ කරන්නේ වසරකට දෙවරක් පමණ ගගනගාමීන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය තුළ කෙටි ක්‍රියාන්විතවල යෙදීමට නියමිත බවයි. පෞද්ගලික ගගනගාමීන්හට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සංචාරය කිරීම සඳහා දින 30කට ආසන්න කාලයකට අවසර ලැබෙන බව නාසා ආයතනය නිවේදනය කරයි.

නමුත් සංචාරකයන් රැගෙන යනු ලබන්නේ ඇමරිකානු අභ්‍යවකාශ යානාවක පමණි. පෞද්ගලික ව්‍යාපාර කණ්ඩායම්වලට ඇතුළු වන පිරිස තීරණය කළ යුත්තේ අදාළ සමාගම් වන අතර, පෞද්ගලික ගගනගාමීන් අභ්‍යවකාශ ගමනට අවශ්‍ය පුහුණුව ලබා සිටිය යුතු අතර යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවිය යුතුය.

අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු කොටස 1998 වසරේ දී කක්ෂගත කළ අතර 2011 වසරේ නොවැම්බර් මස සිට ගගනගාමීන් නොකඩවා එහි රැඳී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *