රාවණාඇල්ල රිය අනතුරකින් දෙදෙනෙක්ට මරුට

(කොළඹ, ලංකාපුවත්) – ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුර පත්වීමෙන් දෙදෙනෙකුගේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

ත්‍රිරෝද රථයේ රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මීටර් 350ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් ත්‍රිරෝද රථයේ සිටි රියදුරු ඇතුළු 06දෙනෙකු බරපතල තුවාල ලබා තිදෙනෙකු බණ්ඩාරවෙල රෝහලටත්, තිදෙනෙකු බදුල්ල රෝහලටත් ඇතුලත් කිරීමෙන් අනතුරුව බදුල්ල රෝහලේ දී එක් කාන්තාවකුත් බණ්ඩාරවෙල රෝහලේ දී තවත් කාන්තාවකුත් මිය ගොස් ඇති බව සදහන් වේ.

මියගොස් ඇත්තේ 36 හා 38 යන වයස්වල පසුවූ කාන්තාවන් දෙදෙනකි.

තුවාලකරුවන් අතර රියදුරු සහ පිරිමි ළමුන් දෙදෙනෙක්, ගැහැණු ළමයෙකු සිටී. ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *