පොසොන් සතිය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – රජය විසින් අද (12) සිට ලබන 18 දක්වා පොසොන් සතියක් ප්‍රකාශයට පත් කර ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

“සබ්බේ නසන්ථි දන්ඩස්ස” යන්න මෙවර පොසොන් පොහොය තේමා පාඨය ලෙස තෝරාගෙන ඇති බව සදහන්. පොසොන් සතියට සමගාමීව ලබන 13වනදා සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල සර්ව රාත්‍රික පිරිත් පිංකම් සංවිධානය කර තිබේ. එම කාර්යයන් සඳහා අවශ්‍ය කෙරෙන මුදල් ප්‍රතිපාදන මේ වන විටත් ලබාදී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේය.

එමෙන්ම ලබන 12 වනදා සිට 18 වනදා දක්වා රජයේ සියලුම ආයතනවල හා ගොඩනැගිලි වල බෞද්ධ කොඩිය ඔසවා තබන ලෙසත්, එම ආයතන සහ ගොඩනැගිලි පොසොන් සැරසිලි වලින් අලංකාරවත් කරන ලෙසත් ජනතාවට දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *