සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් දරුවන්ට ශිෂ්‍යත්ව

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ සියලුම සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් වන සියලුම දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවරගෙන ඇත.

මෙතෙක් සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් දරුවන්ට වසර දෙකක් යන තෙක් මාසිකව ලබා දුන් ශිෂ්‍යත්ව මුදල් රුපියල් 1,500ක් වුවත් අනාගතයේ සියලුම සමෘද්ධිලාභී පවුල්වල උසස් පෙළ සමත් දරුවන්ට පිරිනමන ශිෂ්‍යත්වයේ වටිනාකම වැඩි කිරීමට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බව මාතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ජගත් රෝහිත මහතා අදහස් දක්වමින් පැවසීය. මෙමඟින් සමෘද්ධිලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනයෙන් ඉහළට යෑමට මෙම වැඩපිළිවෙළ විශාල අත්වැලක් වනු ඇති බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

මේ අනුව මාතර දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 60,634ක පිරිසකගෙන් උසස් පෙළ සමත් දරුවන් 25කට පමණක් ලබා දුන් ශිෂ්‍යත්ව ප්‍රමාණය සමෘද්ධිලාභී පවුල් 71,863ක දරුවන්ට ලබා දීමට පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *