යුද හමුදාව තුළ ජාති – ආගම් – කුල ආදී භේද කිසිවක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා යුද හමුදාව තුළ ජාති, ආගම්, කුල ආදී භේද කිසිවක් නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාව, මහරගම අපේක්‍ෂා රෝහලට රුපියල් මිලියන 10ක් වටිනා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් යන්ත්‍ර 2 ක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඊයේ(17) එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා වෙත මෙම යන්ත්‍ර පිළිගැන්වුණි. ගැබ්ගෙල පිළිකා මෙන්ම වකුගඩු ආශ්‍රිත පිළිකා හඳුනා ගැනීමට ද මෙම ස්කෑනින් යන්ත්‍ර උපකාරී වේ.

ස්කෑන් යන්ත්‍ර දෙක කාන්තා රෝගීන් ප්‍රතිකාර ලබන වාට්ටු අංක 3 ට සහ රේඩියෝලොජි අංශයට ලබා දීමට නියමිතයි. යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගි වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *