මත්ද්‍රව්‍ය නිවාරණ සතියක්

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප‍්‍රකාශයට පත්කරන බව රජය සඳහන් කරයි. ඒ අනුව ලබන 23 වනදා සිට ජූලි 01වනදා දක්වා එය ක්‍රියාත්මකය.

මත්ද්‍රව්‍ය භාවිතය හා නීතිවිරෝධි ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව එය ක‍්‍රියාත්මක වේ.

මේ වනවිටත් නිවාරණ වැඩසටහන් රැසක් රටතුළ ක‍්‍රියාත්මක කෙරේ. එය තවදුරටත් ශක්තිමත් කිරිම වැඩපිළිවෙලේ අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *