කබීර් සහ හලීම් යළි අමාත්‍යධුරවල දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගියදා අමාත්‍ය ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නියෝජිතයන් අතරින් දෙදෙනෙකු අද (19) යළි අමාත්‍ය ධූරයන් හී දිවුරුම් දී තිබේ.

ඒ අනුව අබ්දුල් හලීම් සහ කබීර් හෂීම් යන මහත්වරුන් අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ යළි සිය අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.

ඒ අනුව අබ්දුල් හලීම් මහතා තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස ද, කබීර් හෂීම් මහතා මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස ද ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *