ඉදිරි මාස කිහිපයේ රජය සහ එජාපය නව වැඩපිළිවෙළක

(කොළඹ, ලංකාපුවත්) – ඉදිරි මාස කීපයේ එක්සත් ජාතික පාක්ෂිකයන්, රජය සහ එක්සත් ජාතික පක්ෂය නව වැඩ පිළිවෙළක් වෙත රැගෙන යාම අපගේ රාජකාරිය බව මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා සිටී.

එම සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ දරුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් සති කීපයකට පසුවද ජාතිවාදී බිය රට තුළ ව්‍යාප්තවන්නට විය. එහෙයින් ශ්‍රී ලංකා පුරවැසියන් ජාතිය සහ ආගම පදනම් කරගනිමින් බෙදීමකට බදුන් විණි. මුස්ලිම් ජන සමාජය සමග සහ මුස්ලිම් දේශපානඥයන් ප්‍රහාරයක් පිළිබඳ විශේෂයෙන් තැතිගත් අතර ඒ අනුව පීඩනයට පත් අපගේ සමාජය හා පක්ෂය ආරක්ෂා කර ගැනීමට තීරණය කළෙමු.

ඒ අනුව පෞද්ගලිකව අප සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත්ව නොමැති පරිසරයක රජයෙන් ඉවත්වන්නට ක්‍රියා කළෙමු. අප ගත් එම තීරණයට ඉවහල් වු සත්‍ය කාරණය වුයේ සමාජයීය ප්‍රචණ්ඩ ක්‍රියාවන්ගෙන් අපේ රට ආරක්ෂා කර ගැනීම සඳහා වු එකී අවශ්‍යතාවයය.

අප හා කටයුතු කළ සියලු දෙනා දන්නා පරිද්දෙන්ම අප සැමවිටම විවිධ කැප කිරීම් සිදු කරමින් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එහි වගකීම වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කළෙමු. එම කාලය තුල දී මුස්ලිම්වරු කිසිවෙක් රජය නියෝජනය නොකරන තත්වයකට පත්ව තිබුණි.

අපි අමාත්‍යධූරවලින් ඉවත් වු දා සිට අප බල ප්‍රදේශයේ ඡන්ද දායකයන් සහ දිස්ත්‍රික් නායකයන් ඉල්ලා සිටියේ යළි රජය නියෝජනය කරන ලෙසය.

පසුගිය සති අන්තයේ අපේ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මුස්ලිම් සමාජය වෙත පෞද්ගලික ඉල්ලීමක් ඉදිරිපත් කරමින් කියා සිටියේ රජය කෙරේ විශ්වාසය තබන ලෙසත් රජය හා එක්ව කටයුතු කරමින් රට බේරා ගැනීම සඳහා සියලු ආගමික සහ ජාතික කණ්ඩායම් හා එක්ව කටයුතු කරන ලෙසය. මම පෞද්ගලිකව අප පක්ෂයේ නියෝජ්‍ය නායකයා සිදු කළ එම ප්‍රකාශය මෙන් ම දේශපාලන දිරි ගැන්වීම අගය කරන්නේ දේශපාලන ප්‍රතිවිරුද්ධවාදීන් අභිමුව එය අසීරු කාරණයක් ලෙස සැලකිය හැකි හෙයිනි. මෙම අවස්ථාවේ දී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිදුන්ගේ අපක්ෂපාතී මධ්‍යස්ථ ක්‍රියාපටිපාටිය සෑම ජනවර්ගයකටම අයත් ජනතාව සන්සුන් කිරිමෙහිලා බෙහෙවින් ඉවහල් විය.

අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ද අප සමඟ සාකච්ඡා කළේය. එහිදී ජනාධිපතිවරයා හා අප සාකච්ඡා කළේ මුස්ලිම් ජන සමාජය සම්බන්ධයෙන් පමණක් නොව විවිධ ආගමික සහ ජාතීන්ට අයත්වන අපගේ පුරවැසියන් අතර එකමුතු භාවයන් ඇති කිරීමේ දී නිර්මාණය වන අභියෝග පිළිබඳවය. ජනාධිපතිවරයා එහිදී මාහට ආරක්ෂක කවුන්සිලයට සහභාගී වෙන ලෙස ඉල්ලීමක් කළ අතර සතිපතා මුස්ලිම් දේශපාලන නායකයන් සමඟ රටේ ජනාධිපතිවරයා වශයෙන් හා ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා පාලනය භාර අමාත්‍යවරයා වශයෙන් සිය ශක්‍යතාව අනුව පැවැත්වීමට රටේ නෛතික රාමුව යටතේ මුස්ලිම්වරුන්ට සමාන ආරක්ෂාවක් ලබා දීමටත් සහතික විය.

දේශපාලනඥයන් වශයෙන් අපි අපව පාර්ලිමේන්තු අසුනක් වෙත රැගෙන ආ අපේ ආසනයන්හි ඡන්දදායකයන්ට ණයගැති බව අමතක නොකළ යුතුය. අප පාර්ලිමේන්තුවේ හෝ අමාත්‍ය මණ්ඩලයේ අසුන් ගත් පසුත් අපගේ අසීමාන්විත වගකිවයුතු භාවය රැඳී ඇත්තේ ඔවුන් වෙනුවෙනි. අතිපුජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේලා, අනෙකුත් ආගමික නායකයින්, අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සහ අපේ ඡන්දදායකයන්ගේ ඉල්ලීම් ගැඹුරින් සලකා බැලීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපේ මුල් වගකීම් දරණ ලෙසට කළ ඉල්ලීම හා එකඟ වීමට තීරණය කළෙමු.

කොරහේ කිඹුල්ලු දකින සමහරුන් සමාජය නොමග යැවීමට විවිධ කරුණු කියාපායි. මුස්ලිම් දේශපාලනඥයන් අමාත්‍ය තනතුරුවලින් ඉල්ලා අස් වු විට එය සිදු නොවිය යුතු දෙයක් යැයි තර්ක කරන ඔවුන් නැවත අප තනතුරු භාර ගන්නා විට එම තීරණයන්ද විවේචනයට ලක් කරයි. මෙයින් පැහැදිලි වන්නේ කිසිඳු තාර්කික පදනමකින් තොරව සමාජය නොමග යැවීමට ඔවුන් ක්‍රියා කරන බවයි.

අප මහානායක හිමිවරුන් ප්‍රමුඛව සමාජයේ විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන අය සමග කරන ලද සාකච්ඡාවලදී ඔවුන් ඉස්මතු කල කාරනයක් වුයේ මුස්ලිම් සමාජය දෙස සැකයෙන් බැලීමට පාස්කු ප්‍රහාරයට අමතරව තවත් සමාජමය හා නීතිමය කරුණු ගණනාවක් බලපා තිබු බවයි. එම සාධාරණ ඉල්ලීම් වෙනුවෙන්ද අදාල මැදිහත් වීම් සිදු කිරීමට කැපවන බව මේ මොහොතේ මම ප්‍රකාශ කර සිටිමි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව කෙටි කලකින් ත්‍රස්තවාදය රටින් තුරන් කිරීමට ආරක්ෂක අංශ විසින් සිදු කල පරීක්ෂණ කටයුතුවලට මුස්ලිම් සමාජය හා මුස්ලිම් දේශපාලනඥයන් දැක් වු සහයෝගය ආරක්ෂක අංශයන්හි පැසසුමට ලක් විය. ඒ අනුව ඉදිරි පරීක්ෂණ කටයුතුවලට කිසිඳු බලපෑමක් සිදු නොකරන බවටද මා විසින් ප්‍රකාශ කරමි.

දැන් කිසිදු ජන කොට්ඨාශයකට අයත්වන දේශපාලන නායකයකුට පසෙකට වී සිටීමට කාලය නොවේ. අපි අපේ පක්ෂයෙන් තේරී පත් වු සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ සියලු තීරණ තම ඡන්දදායකයල්ගේ ඉල්ලීම්වලට අනුකූලව ලබා ගන්නා ලෙසය. ඉතාමත් තීරණත්මක ඉදිරි මාස හයක කාලය තුළ සිදු කරන අපගේ සෑම පියවරක් වෙනුවෙන් එය අවශ්‍යය.

අපේ පක්ෂයෙ ජිව රුධිරය වනුයේ අපේ ආධාරකරුවන්ය. ඒ අනුව ඉදිරි මාස කීපයේ එක්සත් ජාතික පාක්ෂිකයන්, රජය සහ එක්සත් ජාතික පක්ෂය නව වැඩ පිළිවෙළක් වෙත රැගෙන යාම අපගේ රාජකාරිය බව පැවසිය යුතුය.

මෙයට විශ්වාසී

කබීර් හෂීම් පා.ම.

මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *