ක්ලොගාඩ් මිහින්තලේ පොසොන් අසිරිය මෙත් සිතුවිලිවලින් පුරවාලයි

(කොළඹ, ලංකාපුවත්) – ක්ලොගර්ඩ් සන්නාමය, අඛණ්ඩව 13 වන වසරටත් මිහින්තලා පොසොන් උත්සවය හා එක්ව දහස් ගණනක් බැතිමතුන්ගේ මනස හා සිතුවිලි බැතිසිතින් පුරවාලන්නට කටයුතු කළේය.

වාර්ෂිකව පොසොන් උත්සවය සඳහා මිනින්තලා පුදබිම කරා පැමිණෙන බැතිමතුන්ගේ මුඛ සෞඛ්‍ය සහ ඔවුන්ගේ සුවපහසුව වෙනුවෙන් කටයුතු සම්පාදනය කරමින් ජනාදරය දිනාගත් විශ්වාසනීය වෙළඳ නාමයවන ක්ලෝගාර්ඩ් මෙසේබැතිමතුන්ට තම දායකත්වයසැපයුවේය.

මෙහිදී මිහින්තලා පුදබිමටපැමිණෙන බැතිමතුන්ගේ දන්ත සෞඛ්‍ය ඉහළනංවමින් දත් පරික්ෂාවන් ඇතුළු මුඛ සෞඛ්‍ය පරික්ෂාව ක්ලෝගාර්ඩ් ජංගම දන්ත සායනය මගින් නොමිලේ පවත්වනු ලැබූ අතර වන්දනාකරුවන්ට ඔවුන්ගේ භක්තිමත් වන්දනා ගමන පුරා මුඛ සෞඛ්‍ය රැකවරණය පවත්වා ගැනීම සඳහා කරාබුනැටි තෙල්වල ගුණය අඩංගු ක්ලෝගාර්ඩ් දන්ලේතාලේපය ද පිරිනැමිණි.

එසේම මෙම ප්‍රදේශයට පවතින සීමිත ජල සැපයුමෙන් පැනනගින ගැටළු හඳුනාගනිමින් බැතිමතුන් එම අපහසුතාවයෙන් මුදවාගැනීම සඳහා ඔවුන්ට අපහසුතාවයකින් තොරව පිරිසිදු පානීය ජලය ලබාගැනීමට අවශ්‍ය ජල පහසුකම් ලබා දීමට ක්ලෝගාර්ඩ් කටයුතු කළේය.

ක්ලෝගාර්ඩ් වෙතින් මෙහිදී බැතිමතුන්ට වන්දනා ගමනේදී අත්‍යාවශ්‍යවන ගාථාසහිත අලංකාර ගාථාකාඩ්පතක් තිලිණ කළේය. තවද කරාබුනැටි සහ අනෙකුත් ඖෂධ වලින් සැකසුන මුවට නැවුම්බව එකතු කරන දැහැත්විට එකතුවක්ද බැතිමතුන්ට පිරිනැමීය.

මිහින්තලේ පොසොන් උත්සවය තුළ සිදුකල ක්‍රියාකාරකම් පිළිබඳව හේමාස් නිෂ්පාදන සමාගමේ අලෙවිසාමාන්‍යධිකාරී ඩෙරික් ඇන්තනි මහතා මෙසේ අදහස් දැක්විය.“අප අඛණ්ඩව 13 වනවරටත් මේ වසරේදී මිහින්තලේ පුදබිමට පැමිණෙන සියලූම බැතිමතුන් වෙනුවෙන් සහයෝග ලබාදෙන්නට ඉදිරිපත් වුනා. වගකිවයුතු සන්නාමයක් ලෙස බැතිමතුන්ගේ සුබසාධනයත් ඔවුන්ගේ දන්ත ආරක්ෂාව පිළිබඳවත් සොයාබැලීමේ සහ ඒ සඳහාක්‍රියාත්මක වීමේ වැදගත්කමත් අප වටහාගනු ලැබුවා. ඒ අනුව අප අඛණ්ඩව නොනවත්වා මුඛ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීම මගින් මෙම වන්දනාකරුවන්ගේ අධ්‍යාත්මික ගමනට සහයක්වන්නට අපට හැකියාව ලැබී තිබෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *