තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාවයි

(කොළඹ, ලංකාපුවත්) –තිරසර සංවර්ධනය වෙනුවෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ පළමු රට ශ්‍රී ලංකාව බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

නීලහරිත අයවැය ඇතුලු ව්‍යාපෘති රැසක් ද ඒ වෙනුවෙන් රජය සිදුකර ඇති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

තිරසර මූල්‍ය පිළිබඳ ශ්‍රී ලාංකේය පෙරදැක්ම ජාතික වශයෙන් එළිදැක්වීම මහ බැංකු පරිශ්‍රයේදී ඊයේ (19) සිදුකෙරුණි.

මෙම පෙරදැක්ම මගින් මූල්‍ය නියාමකයින් හා මූල්‍ය ආයතන සඳහා පුළුල් මග පෙන්වීමක් ඉදිරිපත් කෙරේ. බැංකු හා මූල්‍ය අංශ, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රක්‍ෂණ අංශවල දායකත්වය පුළුල් කිරීම මෙන්ම වඩාත් ශක්තිමත් තිරසර හරිත ආර්ථිකයක් ගොඩනැංවීම ද මෙහි අපේක්‍ෂාවකි.

තිරසර මූල්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගික ක්‍රියාකාරකම් මාලාවක් පෙරදැක්ම මගින් හඳුන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *