විදෙස්ගත ශ්‍රී ලාංකික දරුවන්ට සාපෙළට පෙනී සිටීමේ ඉඩ

(කොළඹ, ලංකාපුවත්) –අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට, ඉදිරියේදී විදේශීය රටවල පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ටද පෙනී සිටීමේ අවස්ථාව සලසා ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මහතා පැවසීය.

විදේශීය රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් රැසකගේ ඉල්ලීම අනුව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ප්‍රතිපත්තිමය තීරණය ගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් අධ්‍යපන අමාත්‍යවරයා සහ ලේකම්වරයා පුළුල් ලෙස සාකච්ඡා කර තිබේ.

එම රටවල පිහිටි තානාපති කාර්යාලවලින් මේ සඳහා උපරිම සහයෝගය ලැබෙන බැවින් එම රටවලට ගොස් විභාගය පැවැත්වීම එතරම් ගැටලුකාරී තත්ත්වයක් නොමැති බවත් ඉතාලිය, ඕමානය සහ කටාර් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට මෙම අවස්ථාව මෙවර හිමි වන බවත් විභාග කොමසාරිස්වරයා පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය හා එම රටවල පිහිටි තානාපති කාර්යාල සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කිරීමට නියමිත අතර 2005 වර්ෂයේදී ඉන්දියාවේ චෙන්නායි නුවරදී සරණාගත කඳවුරුවල සිටි දරුවන් වෙනුවෙන් මෙලෙස විභාගය පවත්වා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *