කළුතර රෝහල්වල හදිසියේ වැඩවර්ජනයක් ඇරඹෙයි

(කොළඹ, ලංකාපුවත්) –කළුතර දිස්ත්‍රික්කයේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් හදිසි වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අද(24) දහවල් 12.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අද පෙරවරුවේ කළුතර රෝහලෙන් ආරම්භ කරන ලද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මහජන අත්සන් ලබාගැනීමේ වැඩසටහනට පිරිසක් බාධා කිරීමේ සිද්ධියකට විරෝධය පල කරමින් වර්ජනය ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *