කදිරගාමර් මහතාගේ ඝාතකයෙක් මිය යයි

(කොළඹ, ලංකාපුවත්) – ඝාතනයට ලක්වූ හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී මැගසින් බන්ධනාගාරගතව සිටි හිටපු එල්.ටී.ටී.ඊ. සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

62 හැවිරිදි සැකකරු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසීය. වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බව සදහන් වේ.

අදාළ සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා තිබූ අතර , ඔහු 2012 වසරේ ජනවාරි 24 වන දින සිට මැගසින් බන්ධනාගාරගතව සිටින අයෙකි.

හිටපු විදේශ කටයුතු අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් 2005 වසරේ අගෝස්තු මාසයේදී ඝාතනයට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *