චාර්ල්ස් කුමරු ගේ හිතගිය සාරා කවුද?

(කොළඹ, ලංකාපුවත්) – කේට් – මේගන් දෙදෙනාට වඩා චාර්ල්ස් කුමරු ගේ හිත ගත් තැනැත්තිය සාරා ටින්ඩෝල් බව මෙවර රාජකීය තුරඟ තරඟයේ දී නැවතත් තහවුරු වූ බව එරට මාධ්‍ය අනාවරණය කරයි.

70 හැවිරිදි චාර්ල්ස් කුමරු සහ ඔහුගේ 38 හැවිරිදි ඥාති දියණිය අතර පවතින සමීප සබඳතාව බොහෝ අවස්ථාවල දැකිය හැකි අතර ඔහුගේ ලේලියන් වන කේට් හෝ මේගන් කිසි සේත්ම ඔහුට එතරම් සමීප බවක් දක්නට නැත.

චාර්ල්ස් කුමරු ගේ ජීවිත කතාව ලියූ රොබ් ජොබ්සන් පවසන්නේ සාරා චාර්ල්ස් ලේ ඥාතීත්වය මීට හේතුව බවයි. ඔහු ඇයව හඳුනන්නේ ඇය උපන් දා සිට බවත් කේට් හෝ මේගන්ට වඩා ඇය ඔහුට සමීප බවත්ය.

සාරා ටින්ඩෝල්, ඈන් කුමරියගේ හා මාර්ක් ෆිලිප්ස් ගේ දියණිය වන අතර දෙවැනි එළිසබෙත් රැජින ගේ වැඩිමල් මිණිපිරිය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *