2019 මුල් කාර්තුවේ පාර්ලිමේන්තුවේ සක්‍රීයම ඇමති මංගල

(කොළඹ, ලංකාපුවත්) – 2019 වසරේ පළමු කාර්තුවේ පාර්ලිමේන්තුවේ වඩාත් සක්‍රීය වූ මන්ත්‍රීවරුන් අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පළමු ස්ථානය අත්කරගෙන ඇති බව Manthri.lk වෙබ් අඩවිය විසින් කරන ලද සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ.

2019 ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා කාලය තුළ කරන ලද මෙම සමීක්ෂණයට අනුව වඩාත් සක්‍රීය අමාත්‍යවරුන් අතර දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙලින් එක්සත් ජාතික පක්ෂයේ මනෝ ගනේෂන් සහ ගයන්ත කරුණාතිලක යන අමාත්‍යවරුන්ට හිමිව තිබේ.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා එහි සිව්වැනි ස්ථානයත් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ එස්. ශ්‍රිදරන් මන්ත්‍රීවරයා පස්වැනි ස්ථානයක් හිමිකරගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *