පොප් රජු සමුගෙන දස වසරක්

(කොළඹ, ලංකාපුවත්) –පොප් රජු විරුදාවලිය ලත් අමෙරිකානු සුපිරි ගායක මයිකල් ජැක්සන්ගේ දස වැනි ගුණානුස්මරණය ඊයේ(25) දිනට යෙදී තිබුනි.

ඔහු සමුගෙන දස වසරක් පිරුණ ද ඔහුගේ අනුප්‍රාප්තිකයන්ට ඊට අභියෝග කරන්නට නොහැකි වී තිබීම විශේෂත්වයකි. 1958 වසරේ අගෝස්තු 28 වැනි දින අමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ දී, මයිකල් ඩොසප් ජැක්සන් උපත ලැබුවේ, නව දෙනෙකුගෙන් යුත් පවුලේ පස්වැනියා ලෙසයි. ඔහු ඇතුළු ජැක්සන් පවුලේ පස් දෙනෙකු මල්වරට ප්‍රසංගයකට සහභාගි වනවිට මයිකල් ජැක්සන්ගේ වයස අවුරුදු 6ක්. එය ජැක්සන් ෆයිව් නමින් ප්‍රචලිත විය.

මයිකල් ජැක්සන්ගේ පළමු ඒ පුද්ගල ගීත ඇල්බමය නිකුත් කෙරුණේ, 1972 වසරේදී. 1982 දී ඔහු එළිදැක්වූ ත්‍රීලර් ගීත ඇල්බමය ලොව උන්මාදයක් බවට පත්වුයේ, වාර්තාගත අලෙවියක් සනිටුහන් කරමින්. එහි කෝටි 02කට අධික පිටපත් සංඛ්‍යාවක් අමෙරිකාවේ අලෙවි වූ අතර, ලොව පුරා පිටපත් දෙකෝටි හැත්තෑ ලක්‍ෂයක් අලෙවි වී තිබේ.

මයිකල් ජැක්සන්ගේ ගීත නිර්මාණ ලොව පුරා කෝටි සංඛ්‍යාත පිරිසකගේ සිත් සතන් පිනවීමට සමත්වූහ.

දශක ගණනාවක් පුරා කෝටි සංඛ්‍යාත රසිකන් පිනවූ පොප් රජු සිය ජීවන සිය ජීවන ගමන නිමා කළේ 2009 ජුනි 25 වැනි දිනයි. හෘදයාබාධයක් ඊට හේතු වී තිබිණ. මෙලොව හැරගොස් වසර 10ක් ගතවී ඇතත්, මයිකල් ජැක්සන්ගේ සංගීත නිර්මාණවලට අදටත් ඇත්තේ අසීමිත ජනාකර්ෂණයකි.

ඔහු ගැයූ ” Heal the World”, ” Black or White”, ” All I want to say is that they don’t really care about us” වැනි ගීත හරහා මතුකළ ගෝලීය ප්‍රශ්නවල ප්‍රබලත්වය අදට ද වලංගු වේ.

මයිකල් ජැක්සන් යනු සුපිරි ප්‍රාසාංගික හැකියාවන්වන්ගෙන් සමන්විත ගායන ශිල්පියෙකි. ජීවිතයේ මිනිසෙකුට ලැබිය හැකි කීර්තිය, ධනය යන භෞතික සම්පත්වලින් ඔහුට අඩුවක් තිබුණෙ නැත. ඔහුගේ ජීවිතයේ තිබූ එකම අඩුව ‘ආදරයයි’.

සිය කටහඬින් සුවහසක් සිත් සුවපත් කළ ඔහුගේ මෙලොව නික්මයාමට දසවසරයි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *