(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාර සමගින් ශ්‍රී ලංකාව වෙත ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමු වූ බව විදේශ කටයුතු ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පවසයි.
වසර ගණනාවක් පැවැති එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවට ගැනීමට නොහැකි වූ අවධානය, පාස්කු ඉරිදා පිපිරීම සමඟ විනාඩි කිහිපයකදී ජාත්‍යන්තරයෙන් ලබා ගැනීමට හැකියාව ලැබුණු බව ලේකම්වරයා පෙන්වා දුන්නේය.
ඔහු මේ අදහස් පළ කර සිටියේ ගැටුම් සන්නිවේදන කළමනාකරණය පිළිබඳ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පසුගිය දා පැවැති ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් පැවැති වැඩමුළුවකට එක් වෙමිනි.
09/11 ප්‍රහාරයෙන් පසු එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තර ත්රස්තවාදයේ බලපෑම තේරුම් ගෙන කටයුතු කරන ලදි. අනතුරුව ත්‍රස්තවාදය මැඩලීම පිළිබඳව සම්මුතීන් ඇති වූ බවත් සමාජ ව්‍යසනයන් සිදු කරන පුද්ගලයින් – සංවිධාන පිළිබඳ කටයුතු කරන ආකාරය පිළිබඳව ජාත්‍යන්තරය කටයුතු කරමින් සිටින බවද ආරියසිංහ මහතා සදහන් කළේය.
රැඩිකල්වාදය – ප්රචණ්ඩත්වය වැනි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන්නන් පිළිබඳ හඳුනාගැනීමේ ක්‍රමවේදයක් අපවිසින් සකස් කර ගැනීමේ අවශ්‍යතාවය ද ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මීට පෙර ශ්‍රී ලංකාවේ පැවැති ගැටළුව වූයේ එල්.ටී.ටී.ඊ. යයි. ඔවුන් භූමිය පිළිබඳ ඇති වූ ගැටළුවක් මුල්කරනිමින් ක්‍රියත්මක වූ ත්රස්තසංවිධානයක් විය. නමුත් දැනු ශ්‍රී ලංකාව හමුවේ ඇතිවූ ත්‍රස්තවාදය එලෙස හඳුනාගත නොහැකිවේ. මෙම රැඩිකල්වාදය තේරුම් ගැනීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බව විදේශ කටයුතු ලේකම්වරයා පැවසීය.
ඒ අනුව එදිරිවාදීන් හිතන අයුරු අපි මේ මොහොතේ තේරුම් ගෙන කල් ඇතිව අපි කටයුතු කළ යුතු බව රවිනාථ ආරියසිංහ මහතා තවදුරටත් කියා සිටියේය.