වාණිජ මණ්ඩලයේ මුල් පුටුව හාන්ස් විජේසූරියට

(කොළඹ, ලංකාපුවත්) – ලංකා වාණිජ මණ්ඩලයේ 180වැනි සම්මේලනය පසුගිය සිකුරාදා (28)පැවැත්වූ අතර එහිදී ලංකා වානිජ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස හාන්ස් විජයසුරිය මහතා පත් කළේය.

ප්‍රවීණ බැංකුකරුවකු වන රාජේන්ද්‍ර තාගරාජා මහතාගෙන් පසුව ලංකා වාණිජ මණ්ඩලයේ නව සභාපතිවරයා වන්නේ ආසියාටා සමූහයේ කලාපීය ප්‍රධාන විධායක ආචාර්ය හාන්ස් විජේසුරිය මහතාය.

මීට අමතරව, සන්ෂයින් හෝල්ඩින්ග්ස්හි කළමනාකාර අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා උපසභාපති ලෙස පත් කළ අතර 2019 – 2020 වර්ෂය සඳහා නියෝජ්‍ය උපසභාපතිනිය ලෙස අර්නස්ට් ඇන්ඩ් යන්ග්හි හවුල්කරු සහ බදු සේවා අංශ ප්‍රධානී දුමින්ද හුලංගමුව පත් කරන ලදී.

ඉහත සඳහන් නිලධාරින්ට අමතරව ලංකා වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පහත සඳහන් අය තෝරා පත් කර ගන්නා ලදී.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සීහි සභාපති ක්‍රිෂාන් බලේන්ද්‍ර; හේමාස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති හුසේන් එසුෆලි; ජෙට්විං ට්‍රැවල්ස් (පුද්ගලික) සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ, ඕවර්සීස් රියල්ටි (සිලෝන්) සමාගමේ අධ්‍යක්ෂ/සමූහ ප්‍රධාන විධායක ප්‍රවීර් සමරසිංහ; හැටන් නැෂනල් බෑන්ක් පීඑල්සී සහ කාගිල්ස් පීඑල්සීහි අධ්‍යක්ෂ අශෝක පීරිස්; සහ ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක ධාරා විජයතිලක යන අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *