ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලං.වි.ම. කිසිම අර්බුදයක් නැහැ

(කොළඹ, ලංකාපුවත්) –ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලං.වි.ම. කිසිම අර්බුදයක් නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, අද (02) පෙරවරුවේ කොළඹ 14, බණ්ඩාරණායක මාවතේ පිහිටි එ.ජා.ප. කාර්යාලයේ පැවති අඩුආදායම්ලාභී පිරිස් වෙත පරිගණක ලබාදීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.

එහිදී ඇමතිවරයා තවදුරටත් මෙසේ ද කියා සිටියේය.

“ඛනිජ තෙල් සංස්ථාවත් සමග ලංවිම කිසිම අර්බුදයක් නැහැ. එකම දේ තමයි ඔවුන් අපි කියන දේ කරන්නේ නැති එක. මේ රටේ අහිංසක පුද්ගලයින්ට යම් පොරොන්දුවක් දුන්නානම්, අපි ඒ දේ මොන ආකාරයෙන් හෝ ඉෂ්ට කළ යුතුයි. ඒකට අපි බැදී සිටිනවා. මේ ගැටළුව සම්බන්ධයෙන් ජනතාවට ලිඛිතව පොරොන්දු වූ දෙයක් තිබෙනවා. අන්න ඒ දේ ඉටු කළ යුතුයි. අහිංසක ජනතාව පීඩාවට පත්කරන්න නම් මම ඉඩ තියන්නේ නැහැ. මේ පිරිස් සුඛෝපභෝගි මාලිගාවල ඉන්න පිරිසක් නොවෙයි. කුමාර වෙල්ගම ඇමතිතුමාටයි, අර්ජුන රණතුංග මැතිතුමාටයි මම ස්තුති කරනවා, මේ පිරිස කෙරෙහි මානුෂීය ආකාරයෙන් සිතලා, ඔවුන්ට ලිඛිතව පොරොන්දුවක් ලාබදීම පිළිබදව.“

“රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වනවා. මේක හරියාකාරව කරන්න අපි බැදී සිටිනවා. නමුත් ජාතික ආරක්ෂාව කියන්නේ මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි. කෲර ක්‍රියා තුලින් මුළු රටම දනගස්වලා තිබෙන අවස්ථාවක, ඒ අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් එළියට ඒමයි අපි කල යුත්තේ. මේක දවසකින් දෙකකින් කරන්න පුළුවන් දෙය්ක නෙමෙයි. මේ රට ආරක්ෂා කිරීම අපි සතු වගකීමක් “යැයි ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *