පූර්ණ සූර්යග්‍රහණයක් බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – පූර්ණ සූර්යග්‍රහණයක් අද(02) දැක බලා ගැනීමට රටවල් කිහිපයකට අවස්ථාව උදා වන බව නාසා ආයතනය සදහන් කරයි.

2017 වසරෙන් පසු වසර 2 කට පසුව මෙම පූර්ණ සූර්යග්‍රහණය සිදුවේ. පැසිපික් සාගරය, චිලී රාජ්‍යය සහ ආජන්ටිනාවට මෙම සූර්යග්‍රහණය ඉතා පැහැදිලිව දැක ගත හැකි වව බව සදහන් වේ.

චිලී රාජ්‍යයේ කොකුයිම්බෝ නගරය සූර්යග්‍රහණය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගෙන් පිරී පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 2017 වසරේ අගෝස්තු මාසයේ ී මීට පෙර මෙවැනි පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *