හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) – හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මගින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට චෝදනා එල්ල විය.

මේ අතර අනිවාර්ය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ද අත්අඩංගුවට ගත් බව රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසිනි. පොලිස් රෝහලට ඇතුලත්ව සිටියදී ජයසුන්දර මහතා අත්අඩංගුවට ගත් බව රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *