අසනීප වීම නිසා හේමසිරි හා පූජිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණෙයි

(කොළඹ, ලංකාපුවත්) –හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අද(02) පෙනී සිටියේ නැත‍.

ඔවුන් අසනීප වීම ඊට හේතුවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 10 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් හේමසිරි ප්‍රනාන්දු මහතා අසනීප වී ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් අද දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ නැති බවයි දන්වා තිබුණි. මේ අතර පූජිත් ජයසුන්දර මහතාද රෝගී වී නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් වී තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මෙම දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා දැනුම්දි තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *