Colombo Light Railway: මාලඹේ-කොළඹ සැහැල්ලු දුම්රියේ වැඩ ඇල්ලීම අද

(කොළඹ, ලංකාපුවත්) –මාළ‍ඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීම් කටයුතු අද (03) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

නාගරික පහසුකම් වැඩිදියුණු කිරිමේ පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව නගර හා බස්නාරහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

අතුරුගිරිය නව නගරය පෝරේ ප්‍රදේශයට රැගෙන ඒමට කටයුතු යොදා තිබෙන අතර, කොට්ටාවේ අධිවේගි මාර්ග හමුවන ස්ථානයේ ද නගරයක් ගොඩනැගෙමින් පවතින බවද ඇමැතිවරයා කියා සිටී.

කොළඹ නගරය සහ ඒ ආශ්‍රිතව පවතින විශාල රථ වාහන තදබදයට විසදුමක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 1850 ක ණය ආධාරයක් ජපාන රජයෙන් හිමි වේ.

පළමු අදියර යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 260 ක මුදලක් ලබා දෙන අතර වාරික 6 කින් අදාළ ණය මුදල ලබාදිම ජපාන රජයේ අපේක්ෂාවයි.

සියයට බින්දුවයි දශම එකක සහන වාර්ෂික පොලී මත ලබාදෙන ණය මුදල වසර 40කින් ආපසු ගෙවිය යුතු වේ.

දුම්රිය ස්ථාන 16 කින් සමන්විත දිගින් කිලෝමීටර් 17ක් දිගින් පමණ වූ මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික දායකත්වය සපයන්නේ ජපානයේ ජයිකා ආයතනය යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *