ඉතාලියේ ගිනි කන්දක් විදාරණය වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ඉතාලියානු ස්ට්‍රොම්බොලි දිවයිනේ ගිනි කන්දක් විදාරණය වීමත් සමග බියට පත් සංචාරකයින් එම ප්‍රදේශය අත් හැර යමින් සිටින බව වාර්තා වේ.

ඒ සමග විසි ගලක් වැදීමෙන් එක් පුද්ගලයකු මිය ගොස් ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා ඇත. එම ගිනි කන්ද ආශ්‍රිතව සිටි 70 දෙනකු පමණ වහාම මුදා ගැනීමට එරට නාවික හමුදාව කටයුතු කරනු ලැබීය.

මෙම ගිනි කන්ද පෘථිවියේ වඩාත්ම සක්‍රීය ගිනි කන්ද වන අතර 1932 වසරේ සිට නිරන්තරයෙන් විදාරණය වන ගිනි කන්දක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *