ත්‍රිපෝෂ සමාගම වෙත සෝයා බෝංචි මෙ. ටො. 6,000ක් සපයා ගැනේ

(කොළඹ, ලංකාපුවත්) – මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන්, පෝෂණ ගැටලු සහිත ගර්භණී මව්වරුන් හා කිරිදෙන මව්වරුන් වෙත නොමිලේ ලබාදෙන පෝෂ්‍යදායි ආහාරයක් වන ත්‍රිපෝෂ නිපදවීම සඳහා සීමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට අවශ්‍ය සෝයා බෝංචි මෙට්‍රික් ටොන් 6,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත එස්.ඩී.කේ. යුනයිටඩ් ඇග්‍රි වෙන්චර්ස් පුද්ගලික සමාගම වෙත රුපියල් මිලියන 840ක මුදලකට ප්‍රදානය කිරීමට කැබිනට් අවුමැතිය හිමිවී තිබේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙම යෝජනාව කැබිනට් මන්ඩලය වෙත ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *