අධ්‍යාපනයට වැඩිම මුදලක් වෙන්කළේ වත්මන් රජයයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය රජය අධ්‍යාපනයට ලබා නොදුන් තරමේ මුදලක් වත්මන් රජය ලබාදී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළකළේ කවුඩුල්ල මහා විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්ය. එම විදුහලේ නව දෙමහල් පන්තිකාමර ගොඩනැගිල්ල ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණි.

රජරට නවෝදය ජනපති වැඩසටහන හා පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය යටතේ මේ සඳහා රුපියල් ලක්ෂ 50ක් පමණ වැයකර තිබේ. ගුවන් හමුදා ශ්‍රම දායකත්වයෙන් එය ඉදිකෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *