බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස UNESCO නම් කරයි

(කොළඹ, ලංකාපුවත්) – 11 වන සහ 13 වන සියවස්වලදී ගොඩනැගූ වෙහෙර විහාර 3500 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මියන්මාරයේ ඓතිහාසික බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කර ඇත.

අසර්බයිජානයේ බාකු නුවරදී යුනෙස්කෝව විසින් එය තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

බගාන් නුවර වෙහෙර විහාරස්ථානවලට 2016 වසරේ එහි ඇතිවූ රික්ටර් පරිමාණයේ 6.8 ක භූ කම්පනයෙන්ද හානි සිදුවී ඇත.

බගාන් අගනුවර ලෝක උරුමයක් ලෙස නම් කිරීමට 1995 වසරේදීද යෝජනා වුවද එවකට පැවති හමුදා රජය විද්වත් නිර්දේශ නොතකමින් ඉපැරණි නගරයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීම නිසා එය ප්‍රතික්ෂේප කර තිබුණි.

බගාන් අගනුවර මියන්මාරයේ සංචාරක කර්මාන්තයට ද මහත් පිටිවහලක් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *